2026 අවුරුද්ද මාලිමා ආණ්ඩුවට සුභ නෑ කියලා රටේ රාළ කියන්නේ 2025 මුල් කාර්තුවේ ඉඳන්.දැන් ජනවාරි මාසයත් ගෙවෙන්න ඔන්න මෙන්න.කරපු කරපු වැඩ සියල්ල ෆේල් නැත්තං රිවස්.හරිනි මහා ලොකුවට සද්දෙ දාලා ගෙනාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අකුල ගත්තා,රටේ රාළ කියපු health crisis එක පටන් අරන්(භෙට ඒ ගැන කතා කරමු).බාල ගල් අඟුරු හොරකම අතේ මාට්ටු වෙලා.ජනාධිපති අනුර රටටම බෙර ගහලා දුන්න සහන චෙක්පතක් අඟරුවෙලා.ආණ්ඩුවට වෙන්න තියන හැම නස්පැත්තියක්ම වෙලා.
මේ වගේ තත්වයකට ආණ්ඩුවක් පත්වුනාට පස්සේ බේරෙන්න පිදුරු ගහක උනත් එල්ලෙනවා.කොහොම හරි පහුගිය 28 වෙනිදා තිබුණ රනිල්ගේ නඩු කටයුත්තේ එල්ලිලා ආණ්ඩුව ගොඩයන්න හැදුවා.
හැබැයි ඉතින් ඒ ජොලියත් පැය 24 ක් යන්න ඉස්සෙල්ලා ඉවරවුනා.මාලිමාවේ ඩෝබිලා රනිල්ගේ නඩුව සම්බන්ධව බොරු කියපු බව දැන් කවුරුත් දන්නවා.රනිල්ගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට එංගලන්තයේ වුල්ෆ්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් පිරිනමපු උපාධි සහතිකය ගන්න රනිල් සහභාගීවීම හරහා රජයට රුපියල් මිලියන 16ක පාඩුවක් සිදුකර ඇති බවට රනිල්ට එරෙහිව නඩු පැවරලා තිබුණා.අදාල පෙත්සම තුන්වෙනි වරටත් පහුගිය 28 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදෙව්වා.එදා හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි 11 වෙනිදා දක්වා රකිෂිත බන්ධනාගාර ගත කළා.
රනිල්ට එරෙහිව මාර්තු අවසානයේදී අධි චෝදනා ඉදිරිපත් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් අධිකරණයට ප්‍රකාශ කළා.රනිල් හරිද වැරදිද කියන එක තීරණය කරන්නේ අධිකරණයෙන්.ඕනිම අයෙක් අධිකරණයකින් වැරදිකාරයෙක් වෙනතුරු එයා නිර්දෝෂී පුද්ගලයෙක් විදිහටයි අපේ රටේ නීතියට අනුව සැලකෙන්නේ.ඒ සාධාරණය රනිල්ටත් තියෙන්න ඕනි. හැබැයි අපේ රටේ අධිකරණය දක්වා පෙත්සමක් යොමුවීමේ ක්‍රියාවලිය සාධාරණව සහ යුක්ති සහගතව සිද්ධවෙන්නේ නෑ.
අධිකරණයෙන් වැරදිකාරයෙක් හරි නිවැරදිකාරයෙක් හරි කරන්න ඉස්සෙල්ලා ඒ පුද්ගලයා සමාජය ඉදිරියේ වැරදිකාරයෙක් කරන පහත් ක්‍රියාවලියක් වර්තමාන මාලිමා ආණ්ඩුව අනුගමනය කරනවා.ඔයාලට මතක ඇති ජයවර්ධනපුර රෝහලේ ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි ward round යමින් සිටියදී තමයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ.
මහේෂි එහෙම ගෙනත් එකපාරට බන්ධනාගාර ගත කිරීම නිසා ජපුරේ එක ලෙඩෙක් මැරෙණවා.මහේෂි සම්බන්ධව අධිකරණයේ පෙත්සමක් විභාග වෙමින් තියෙද්දී මහේෂිව මහා අපරාධකාරයෙක් බවට පත්කරලා මහේෂිගේ වෘත්තීයමය ජීවිතය විනාශ කළා.අපේ රටේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙද්දී තමයි අති දක්ෂ වෛද්‍යවරියක්ගේ සේවය රටට අහිමි කරන්නේ.එදත් අධිකරණය දක්වා යන ගමනේදී විත්තිකරුවන්ට සිද්ධවෙන අසාධාරණය ගැන රටේ රාළ ෆයිට් කළා.
ඇත්තටම එදා මහේෂි පලිගැනීම පිටිපස්සේ හිටියේ බාල බෙහෙත් මාෆියාව.එදා මාලිමාවේ ජඩ මාධ්‍ය විසින් සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් මහේෂිට බරපතල අසාධාරණයක් කළා.අද ඒ අසාධාරණයම හිටපු ජනාධිපති රනිල්ටත් කරනවා.හිටපු ජනාධිපතිවරයෙක් විදිහට රනිල්ටත් එහෙම නං මේ රටේ සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද?රනිල්ට එරෙහි නඩුවේ පැමිණිල්ලේ කරුණු තමයි තවමත් අධිකරණය හමුවේ සළකා බැලෙමින් තියෙන්නේ.
තවමත් රනිල්ගේ පැත්තේ විත්ති චාචිකය ඉදිරිපත් කරලා නෑ. පැමිණිලි පාර්ශවයේ තර්කවලට රනිල්ගේ පාර්ශවයෙන් තවමත් උත්තර දීලා නෑ.එහෙම තියෙද්දී තමයි එක මාධ්‍ය ආයතනයක් හරහා එලියට එන්නේ විනිසුරුතුමා රනිල්ගේ සංචාරය පෞද්ගලික සංචාරයක් කියලා කිව්වා කියන කතාව.ඇත්තටම විනිසුරුතුමා කියලා තියෙන්නේ පැමිණිල්ල ඉදිරිපත් කරලා තියන කරුණු මත පදනම්වෙලා බැලූ බැල්මට මේක පෞද්ගලික සංචාරයක් වගේ පේනවා කියලයි.
තවමත් රනිල්ගේ විත්ති චාචිකය ඉදිරිපත් කරලා නැති තත්වයක් යටතේ ඒක අවසන් නිගමනය වෙන්නේ නෑ.රනිල්ට අදාල මේ විමර්ශන කටයුත්ත සිද්ධ වෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ කිසිසේත්ම ස්වාධීන ආයතනයක් නෙවෙයි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ පැලවත්තේ ශාඛා සමිතියක්.පැලවත්තේ දේශපාලන නියෝජිතයෙක් වන ශානි අබේසේකර යටතේ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙන්නේ .
ඒක නිසා මේ පරීක්ෂණය කිසිසේත්ම ස්වාධීන එකක් වෙන්නේ නෑ.ඒක ඉතාමත්ම හොඳින් පේන්නේ මේ සම්බන්ධව පරීක්ෂණ කරන්න එංගලන්තයට ගිය විමර්ශන නිළධාරීන් පස්දෙනා විශාල මුදලක් වියදම් කරලා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන්ගෙන් පමණක් කට උත්තර අරන් ඒමෙන්. හැබැයි එයාලා කවුරුවත් රනිල්ට ආරාධනා පත්‍ර එවපු වුල්ෆ්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් ආරාධනා පත්‍රයේ ස්වභාවය පිලිබඳව තහවුරුවක් අරගෙන ඇවිත් නෑ.
ඒක පෞද්ගලික ආරාධනාවක්ද,එහෙමත් නැත්තං නිල ආරාධනාවක්ද කියන අත්‍යවශ්‍ය කාරණය තහවුරු කරගෙන ඇවිත් නෑ.ඒක නිසා මේ විමර්ශනවල බරපතල දෝෂ තියන බව පැහැදිලිව වෙනවා.ඒවා ස්වාධීන නැති බවත්,වෛරී සහගත බවත් පැහැදිලියි.විශේෂයෙන්ම දිලිප පීරිස් වගේ අයෙක් අධිකරණය ඉදිරියේදී කරුණු දක්වද්දී රනිල් ගැන පෞද්ගලික වෛරයකින් කරුණු දක්වනවාද කියන සැකය ඇතිවෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් රජයේ පාර්ශ්වය වෙනුවෙන් නිවැරදි නීතිමය කරුණු දක්වන්න ඕනි.මහජන මුදල් භාවිතය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම නිවැරදියි.රාජ්‍ය බලය පෞද්ගලික කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ පූර්ණ බලයක් එයාට තියනවා.ඒ අර්ථයෙන් බලද්දී,ජනතා මුදලින් පෞද්ගලික සංචාරයක් ගියාද?රාජ්‍ය නිල තත්ත්වය අයුතු ලෙස භාවිතා කළාද?කියන ප්‍රශ්න නීතිමය වශයෙන් අදාළයි.
හැබැයි " විත්තිකූඩුවේ පුටුව”, “බැල්කනියේ පුටුවක්වත් නැතිව සිටීම” වගේ කාරණා ඉදිරිපත් කිරීමෙන් පස්සේ තත්ත්වය වෙනස් වෙනවා.නීතිමය ගැටලුව විත්තිකූඩුවේ පුටුවක වාඩිවීම,
උපාධි ප්‍රධානෝත්සවයේ ආසනයක් තිබුණාද නැද්ද,බැල්කනිය, ආසන,ප්‍රොටෝකෝල් වගේ කරුණු එක්ක බලද්දී ඒවා අදාළ නඩු නිමිත්තට සම්බන්ධ නීතිමය ප්‍රශ්න නෙවෙයි.පැහැදිලි ලෙසම අපහාසාත්මක,පෞද්ගලික චරිතය පහත් කිරීමේ වෛරී සහගත ප්‍රකාශවලටයි ඒවා අයිතිවෙන්නේ.
ඇත්තටම මේ තත්වය යටතේ අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධව කොහොමද විශ්වාසයක් තියාගන්නේ කියන ප්‍රශ්න එනවා.තමන් එරෙහිව කෙරෙන විමර්ශන ස්වාධීන නැති බව තේරෙන කෙනෙක් රටේ නීතිය සම්බන්ධව විශ්වාසය තියයිද කියන ප්‍රශ්නය ඔයාලටත් එන්න ඕනි.අධිකරණයක් තුල පුද්ගලික අපහාස කිරීම් රජය පැත්තෙන් වෙනවා නම් අධිකරණය යුක්තිය ඉෂ්ඨ වෙන තැනක් කියන මානසික මට්ටම හැදෙන්නේ කොහොමද?මේ අවදානමට අද රනිල් ලක් වෙද්දී හෙට අපි ඕනිම කෙනෙක් ලක්වෙන්න පුළුවන්.මේ ක්‍රියාවලිය මෙහෙම දිගටම සිද්ධ වෙනවා නම් වෙන්නේ අවසානයේදී ජනතාව නීතිය අතට ගන්න එකයි.2026 අවුරුද්ද පටන් ගැනීමත් එක්ක ආණ්ඩුවේ අසමත්කම හැම තැනින්ම පේන්න පටන් අරන්.
ආණ්ඩුව ඒක වහගන්න හදන්නේ තවත් දේශපාලන පලිගැනීම් වටයකින් නම් ආණ්ඩුවට එරෙහිව එන්න නියමිත ජනතා විරෝධය තවත් වේගවත් වෙන එක නවත්තන්න බෑ.ඒ වගේම ආණ්ඩුව රනිල්ගෙන් මේ විදිහට පලි ගන්නේ ලග එන අර්බුදයේදී රනිල් නැවත අර්බුදයට උත්තරයක් වෙයිද කියන බය හින්දා වෙන්නත් පුළුවන්.ආණ්ඩුව තමන්ගේ බැරිකම වහගන්න තෝරණ උත්තරය විපක්ෂයේ තෝරාගත් නායකයින් මර්ධනය කිරිම බව දැන් ඉතා පැහැදිලියි.ඒක නිසා හෙට විකල්පයක් වෙයි කියලා සිතන විපක්ෂයේ ඕනෑම පක්ෂ නායකයෙකුට මේ අනතුර එන්න පුළුවන්.
ඉදිරි මාස කීපයක කාල පරිච්ඡේදය ඇතුලේ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත එක්සත් ක්‍රියාමාර්ගයකට යන්න විපක්ෂයට බැරිනම් ඒක ඉතාමත් අභාග්‍ය සම්පන්න තත්වයක්.ඒක පරක්කු වෙන හැම මොහොතේම විනාශ ළඟ ළඟම පැමිණෙන බවත් විපක්ෂය තේරුම් ගන්න ඕනි.ඒක තේරුම් නොගෙන නම් විපක්ෂය මේ ගමන යන්නේ ආණ්ඩුවේ පලිගැනීම තමන් දක්වා එනකොට එදාට ඔයාලා වෙනුවෙන් නැගී සිටින්න කවුරුවත් නැතිවෙයි.රනිල් අද මුහුණ දෙන අවදානමට අපි හැමෝටම මුහුණ දෙන්න වෙන එක නවත්තන්න බෑ.ඇත්තටම දැන් නැගිටින්න ඕනි.
Lanka Newsweek © 2026